නවීකරණය කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ ඕමන්ත අතර කොටසේ දුම්රිය ධාවනය අද (15) සිට ආරම්භ වන බව වාර්තා වේ.
මහව සිට ඕමන්ත දක්වා පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන පරිදි උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුදල ඩොලර් මිලියන 91යි දශම 2යි 7ක් බව සදහන්.
පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් මෙම මාර්ගය නිරීක්ෂණය කර විවෘත කළ නමුත් මෙහි දුම්රිය ගමනාගමනය සිදු වන්නේ අද සිටයි.














































