මිරිහාන පොලිස් වසමේ ගල්වල පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තාවේ.
මෙම පහර දීම අද (23) අලුයම සිදුව ඇති අතර එම පහරදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සදහන් කර ඇත්තේ.
ප්‍රහාරයෙන් පසු බරපතළ තත්වයේ සිටි 34 හැවිරිදි සජිත් මධුසංක නැමැත්තා මියගොස් ඇති අතර අනෙක් තුවාල ලැබූ පුද්ගලයා 53 හැවිරිදි රත්නායක බන්දුල නැමති අයකු බව වාර්තාවේ.
පොලීසිය පැවසා ඇත්තේ මියගිය, තුවාල ලැබූ හා ඝාතකයා යන තිදෙනාම ඥාතින් බවයි.
ඝාතකයා ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් නමින් වාසනා විපුල පෙරේරා වන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් සදහන් වේ.














































