බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් ජීප් රථයක ගැටුණු යතුරුපැදියක පැදිකරු හා පසු පැදිකරු වූ හමුදා සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට මොරගහහේන පොලීසිය වාර්තා කරයි.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විමර්ශන රාජකාරියක් සඳහා ගමන් කරමින් සිටියදී තලගලදී මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු මොරගහහේන පොලිසිය විසින් සිදුකරනු ලබයි.














































