අලදෙනිය පොල් අතු පිටිය මාර්ගය ආසන්නයේ අටවා තිබූ හක්ක පටස් එකක් පෑගීම නිසා පහළොස් හැවිරිදි දරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
එම හක්ක පටස් ඇටවූ බව කියන පුද්ගලයෙක් අලදෙනිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් 27 හැවිරිදි මෙම සැකකරුගේ නිවසේ සඟවා තිබූ සතුන් දඩයම් කිරීමට පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් සකස් කරන ලද හක්ක පටස් 9ක් සහ පුපුරණ ද්‍රව්‍ය තවරා සකස් කරන ලද බෝල 8 ක් සොයා ගත් බවට පොලීසිය පවසයි.














































