දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ (10) කාන්තාවක් කපා කොටා බරපතළ තුවාල සිදු කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කර ඇති බව වාර්තා වේ.
මෙම අපරාධය සිදු කිරීමට අදාළ සැකකරුවන්ට යතුරුපැදියක් ලබා දීම සහ කුමන්ත්‍රණ සිදු කිරීම සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 480ක් තිබී සොයා ගෙන ඇති අතර මොහු 23 හැවිරිදි කොළඹ 08 ,වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
මෙම සැකකරු අද (11) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
මේ සම්බන්ධ වැඩිදුර විමර්ශණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.














































