ඊයේ (09) දින කෘෂිකර්ම අමාත්‍යංශයේදී බිත්තර නිෂ්පාදනය කරන කුකුළු ගොවිපල අයිතිකරුවන්ගේ සංගමය, වෙළද හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතන සියල්ලන්ගේම සහභාගිත්වයෙන් රට තුල පවතින බිත්තර හිඟය සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ අනුව බිත්තර හිඟය සම්බන්ධව පැන නැගී ඇති කරුණු, බිත්තර ආනයනය, බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම හා රට තුළ උද්ගතව පවතින ප්‍රශ්නය අවධානයට ගනිමින් මෙම කරුණු ගැන සාකච්ඡා කොට ඇති බව වාර්තාවේ.














































