ඉන්දියාවට බලපෑ අධික ගංවතුර සහ වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 29 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
හිමාචල් ප්‍රාන්තයට ඉන් දැඩි බලපෑමක් එල්ලව ඇති අතර එම ප්‍රාන්තයේ සංචාරය සදහා ගොස් සිටි 300ක් පමණ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එහි සිරවී සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් වෙත එහි ළගා වීමට නොහැකි වී ඇති බව සදහන්.
එමෙන්ම රාජස්ථාන් සහ උත්තර ප්‍රදේශ වලටත් අයහපත් කාලගුණය සහ ගංවතුර හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව සදහන්.















































