බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් අතුරුදන් වීම සම්බන්ධයෙන් බලංගොඩ – සමනලවත්ත විද්‍යාලයේ ඊයේ (19) පැවති සාකච්ඡාවක දී ප්‍රදේශවාසීන් විසින් එම ප්‍රදේශයට පොලිස් මුරපොළක් ඉල්ලා සිටි බව වාර්තා වේ.
මෙම අවස්ථාවට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කර්‍යාලයේ නිලධාරීන් සහ බලංගොඩ පොලිසිය ඇතුළු පාර්ශව කිහිපයක් සම්බන්ධ වූ බව සඳහන්.
මීට වසර පහකට පමණ පෙර දී අතුරුදන් වූ ශාන් කුමාර නැමැති සිසුවා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බවත් පසුගිය තුන් වනදා තවත් පුද්ගලයෙක් අතුරුදන් බවත් ප්‍රදේශවාසීන් මෙම හමුවේදී ප්‍රකාශ කර තිබේ.මෙම තත්ත්වය හමුවේ පාසල් සිසුන් පවා බියෙන් පසුවන බව ප්‍රදේශවාසීන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.














































