පසුගිය 26 වන දා උපන්දින සාදයකට සහභාගී වී යළි නිවස කරා යමින් සිටිය දී පුද්ගලයින් දෙදෙනෙකුට මන්නයකින් පහර දී බරපතළ තුවාල සිඳු කර ඔවුන් දෙදෙනා සතුව තිබූ මුදල් සහ යතුරුපැදියක් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙක් මිල්ලනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එමෙන්ම කොල්ල කෑම සඳහා යොදා ගෙන තිබූ මන්නා පිහිය සහ සොරා ගත් යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබේ.
පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලැබූවන් දෙදෙනා හොරණ මූලික රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් , මොවුන් පරගස්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 සහ 39 යන වයස්වල පසුවන අය බව සඳහන්.
මෙම සැකකසුවන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































