හල්දුම්මුල්ල බත්ගොඩ දී අද (11) අලුයම පාසල් යමින් සිටි දරුවන් පස් දෙනෙකු පසුපස මී හරක් රංචුවක් පැන්නීමෙන් තුවාල ලැබූ දරුවන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් බත්ගොඩ විපුලානන්ද දෙමළ මහ විදුහලට යමින් සිටි සිසුන් පස් දෙනෙකි.
බත්ගොඩ මංසන්ධියේ සිට විදුහලට පා ගමනින් යමින් සිටියදී පුද්ගලයෙකු දක්කාගෙන ආ මී හරක් කුලප්පු වී දරුවන් පසුපස පන්නා ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
තුවාල ලැබූ දරුවන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව සදහන්.
හපුතලේ පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.














































