උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට (13 ) දිනයේද දුර ගමන් සේවා බස්රථ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරනබව සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා තිබේ.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කොට ඇත්තේ අද දිනයේද බස් රථ 300 ක් පමණ ඒ වෙනුවෙන් යොදවා තිබු බවයි.
ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය ද අවුරුදු සමය වෙනුවෙන් අතිරේක බස්රථ ධාවනයට යෙදවීම සැලසුම් කර ඇති බව එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක සවර්ණහංස මහතා සඳහන් කළේය.














































