කැනඩාව පුරා මේ වන විට ලැව්ගිනි 2392 ක් හටගෙන ඇති අතර එය බටහිර බ්‍රිටිෂ් කොලොම්බියා දක්වා පැතිර යන බව වාර්තා වේ .
මිට අමතරව නැගෙනහිර ක්වෙබෙක් ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි තවදුරටත් පැතිර යන බවත් , එය පසුගිය වසරවලට වඩා 15 ගුණයකින් වැඩිවීමක් බවත් සඳහන් වේ.
ලැව්ගිනි හේතුවෙන් 2500ක් පමණ පිරිසක් ඉවත් කර ඇති අතර සති අන්තයේ වැසි බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ අංශ දන්වා තිබේ.
 
	    	



























 
		    


















