උත්සව කාල සීමාවේ මිනිස් පරිභෝජනය සඳහා ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් වලට අනුකූලව පසුගිය මාර්තු මස 2 වන සතියේ සිට දිවයින පුරා ආරම්භ කෙරුණු අතර එම වැඩසටහන මෙම මස අවසානය වන තෙක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව දිවයින පුරා සිදු කළ පරීක්ෂණ්වලට අනුව පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ ව්‍යාපාරිකයන් 2102 කට නඩු පැවරීමට කටයුතු කළ බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
උපුල් රෝහණ මහතා තව දුරටත් අදහස් දක්වමින් ,
“ මේ අවස්ථාවේ දී පාරිභෝගිකයින්ට අප කියා සිටින්නේ තමන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමට පෙර එම ව්‍යාපාරික ස්ථානයේ පිරිසිදුකම සම්බන්ධයෙන් සොයා බලන්න . ඒ වගේම ඔබ මිලදී ගන්නා සෑම ආහාර ද්‍රව්‍යයකම නිශ්පාදිත දිනය , කල් ඉකුත්වන දිනය මෙන්ම අඩංගු ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද සැලකිලිමත් වන ලෙසයි. “














































