බද්දේගම පොලිස් බල ප්‍රදේශයේ එළ ගවයින් තිදෙනෙකු වෑන් රථයකින් රැගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු බද්දේගම ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට ගෙන බද්දේගම පොලීසියට බාර දී ඇති බව වාර්තා වේ.
මෙලෙස පොලීසියට බාර දී ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.
පොලීසියට බාර දුන් තිදෙනා ගම්මුන්ගේ පහර කෑමට ලක්ව තුවාල ලබා ඇති හෙයින් ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව සදහන්.














































