අංක 139/C6 මූකලන්ගමුව දකුණ සීදුව පදිංචි අංක 192 ,නීගම්බෝ සිටි සෙන්ටර් ,ශාන්ත ජෝශප් වීදිය,මීගමුව ලිපිනයේ පවත්වාගෙන යන ElORA MIGRATION CONSUCTAN (PVT)LTD (එලෝරා මිග්‍රේෂන් කන්සල්මන්ට් පුද්ගලික සමාගම) නැමැති විදේශ රැකියා ආයතනය පවත්වාගෙන යන ෂෙයිනි ප්‍රෙසෙල්ලා හෙට්ටිආරච්චි නැමැති කාන්තාවක් විදේශ රැකියා ලබා දෙන බවට සදහන් කරමින් කෝටි ගණනාවක මුදල් වංචාවක් කර තිබේ.

එසේ මුදල් ලබා ගෙන තිබෙන්නේ ඇමෙරිකාව ,ප්‍රංශය වැනි රටවල් වල රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.
එහිදී මෙම කාරණාව සමග එම සියලු කටයුතු සම්බන්ධීකරණය කරනුයේ සමන්ත නැමැති පුද්ගලයෙකි.ඔහුගේ දුරකථන අංක 077-0221335 / 075 -0221320 වන අතර ඔහුගේ කාර් රථයේ අංකය LL7502 බවද සදහන් වේ.
මෙම මුදල් ලබා ගෙන මේ වන විට මාස 08 ,06 ආදී කාලවල් වේ.නමුත් ඔවුන් මුදල් ලබා ගෙන තිබෙන්නේ දින 45ක් ඇතුළත රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.
එසේම මේ පිළිබඳව මීගමුව,සීදුව පොලිස් වලට පැමිණිලි කර තිබුණත් මෙම පුද්ගලයින් තවමත් මෙම වංචනික ක්‍රියාවන් සිදු කරමින් සිටී.
ඉතාමත් දුප්පත් පුද්ගලයින් පවා මෙම වංචාවට හසුව තිබේ.ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරගෙන මෙම වංචාව ප්‍රසිද්ධියේම සිදු කරගෙන යාම තුළින් පෙනෙන්නේ “රටතුළ වගකිව යුතු ආයතන සියල්ලම නිහඩව බලා සිටින බවකි” මෙය කනගාටුවට කරුණකි.













































