ටෘත් විත් චමුදිත යූ ටියුබ් චැනලයේ ප්‍රචාරය කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධව විමර්ශන කටයුතු සඳහා යළිත් වරක් ප්‍රකට මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන බව වාර්තා වේ .
ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ වැඩසටහනකදී අගමැතිවරයාට සම්බන්ධ ඉඩම් ගනුදෙනුවක් පිළිබඳව පුද්ගලයෙක් කළ ප්‍රකාශයක් මුල් කරගෙන සිදු කරන විමර්ශනයකට අදාළව පසුගියදා මෙසේ ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ඇති අතර පැය තුනකට ආසන්න කාලයක් මොහුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ .














































