ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය නිමවා මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර එළඹෙන දින කිහිපය තුළ දී කැබිනට් අමාත්‍ය ධූර දෙකක වෙනසක් සිඳු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
නමුත් මේ වන තෙක් එම ධූර සඳහා කුමන පුද්ගලයෙකු පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්.
එමෙන්ම පසුගිය කාල සීමාව තුළ අවස්ථා ගණනාවක දී ජ්‍යෙෂ්ඨයින් සඳහා අමාත්‍ය ධූර ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලූව ද ඔවුන්ට අමාත්‍ය ධූර හිමි නොවුණි. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් අමාත්‍ය ධූර බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් සඳහා එම අමාත්‍ය ධූර දෙක ලබා දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් වාර්තා කර තිබේ.














































