කලුතර උතුර ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන උපකාරක පංති ගුරුවරයෙක් විසින් එම උපකාරක පංතිය පවත්වන කාලය තුළ පංතියේ දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් අතර සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කලුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අද (12) නියෝග කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම සැකකාර ගුරුවරයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර එහිදී ලැබුණු නිර්දේශ මත බන්ධනාගාර ගත කර මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන ලෙසට පොලිසිය අවසර ඉල්ලා තිබෙන බව සඳහන්.පසුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ ලබන 15 වන දින දක්වා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන ලෙසයි.
තම සේවාදායකයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් , සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත් සැකකාර ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවද ගරු අධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් සැකකාර ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
ඒ අනුව නඩු විභාගය ලබන 26 වන දින යළි කැඳවීමට නියමිත බව සඳහන්.














































