ආර්ථික අර්බුදයෙන් ක්‍රමක්‍රමයෙන් යහපත් අතට හැරී එන ශ්‍රී ලංකාවට ඉදිරියේ දීත් චීනයේ සහාය ලබා දෙන බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා ඊයේ (28) මහනුවර ශ්‍රී චන්දානන්ද විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දක්වමින් චීන තානාපති ,
“වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික ජනතාව යුද්ධයෙන් පීඩාවට පත්වුණා. ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන ලද සටනේ චීනය විසින් ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් වී ඊට අවශ්‍ය සහාය යුද බිමේදී ලබාදෙනු ලැබුවා.එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා අභිමානය සුරැකීමට චීනය ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා. යුද්ධයෙන් පසුව සිදුකරන ලද සංවර්ධනය වෙනුවෙන් චීනය විශාල ලෙස ආධාර ලබාදීමක් සිදුකරනු ලැබුවා.මෙරට ආර්ථික වශයෙන් හා සමාජයීය වශයෙන් සංවර්ධනය උදෙසා වන අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, වරාය, ගුවන්තොටුපොළ මෙන් යටිතල පහසුකම් සංවර්ධනයට ද චීනය සහාය ලබාදෙනු ලැබුවා.”














































