ලෝක හෙද දිනය සෑම වසරකම 12 වනදිනට යෙදී තිබේ. ඒ ලෝකයටම හෙද කම හදුන්වාදී ඇති ෆොරන්ස් නයිටින්ගේල් මහත්මියට උපහාරයක් ලෙස 1899 වසරේදී පිහිටුවනලද ජාත්‍යාන්තර හෙද කවුන්සිලය ඒකමතිකව ගත් තීරණයකට අනුව බවයි පැවසෙන්නේ.
මේ ආකාරයෙන් හෙද දිනයක් නම් කොට ඇත්තේ රෝගීන්, ගිලනුන් වෙනුවෙන් දිවා, රැ, වෙහෙස හා මහන්සිය නොබලා හෙද රාජකාරිය රැකියාවකට එහා ගිය කැපකිරීම් කරමින් නියම හෙද සේවයේ යෙදී සිටින හෙද පරපුරකට ගෞරවයක් ලෙසිනි.
ශ්‍රී ලංකාවතුල සිටින 36000ක් තරම් වූ හෙද හෙදියන් 30 වසරක යුධ සමයේ සිට කොරෝනා වැනි වසංගත හමුවේ පවා කල ඒ අමිලවූ කැපකිරීමට ශ්‍රීලාංකිකයන් වන අප අද දිනයේ හෝ ඔහුන් වෙත ගෞරවාන්විත විය යුතු නොවේද?
මෙම වසරේ ඔහුන්ගේ තේමාව වී ඇත්තේ “ හෙදියකගේ ශ්‍රමදායකත්වය ඉහළ නැංවීම සහ වෘතීය අයිතීන්ට ගරුකිරීම තුලින් ගෝලීය සෞඛය සුරක්ෂිත කිරීමෙහි ලා හෙදියන්ගේ නායකත්වයේ හඬ අවදි කරමු” යන්නයි.















































