සුඩානයේ සටන් විරාමය තවත් පැය 72ක් දිගු කළද තවත් නගර රැසක තවමත් දරුණු ගැටුම් පවතින අතර කාර්ටුම් අගනුවරින් මේ වනවිටත් ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු හඬ ඇසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම සුඩානයේ සන්නිවේදනය ඇණ හිටීමෙන් එහි සිටින විදේශිකයන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇති බවත් , දහස් ගණනක ජනතාව දේශසීමා හරහා වෙනත් රටවලට පලා යමින් සිටින බවත් සඳහන්.
තවද සුඩාන ජනතාව ආහාර , ජලය , විදුලිබලය සහ ඉන්ධන නොමැති වීමෙන් දැඩි අර්බුදයකට ද ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































