සංගීත සංදර්ශනයක රාජකාරීයේ යොදවා සිටි පොලිස් කොස්තාපල් වරයකු සිය රාජකාරී නිල ඇදුමින් ගායකුගේ ගායනයකට වේදිකාවට නැග නර්තනයේ යෙදීම හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කොට ඇති බව වාර්තාවේ.
ඒ කැලණිය බියගම ප්‍රදේශයේ පැවතී සංගීත සංදර්ශනයකදී බවයි සදහන් වන්නේ.
මෙම සිදුවීමෙන් පොලිස් සේවයට නුසුදුසු යැයි පවසමින් වැඩතහනම් කොට ඇත්තේ පෑලියගොඩ පොලිසියට අනියුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයකුගේ වේ.
52 හැවිරිදි මෙම පොලිස් කොස්තාපල් වරයා පිලිබදව කැලණිය සහකාර පොලිස් අධිකාරී විසින් විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (1) දින සිට වැඩ තහනම් කොට ඇති බව සදහන් වේ.














































