පසුගිය දිනවල රටේ ආන්දෝලනයට තුඩුදුන් මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම ඇතුළු ඊට අදාළ සමාගම් කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දැක්වීමක් සිදු කර ඇත්තේ මෑතකදී ය.
ඔහු එහිදී සදහන් කර ඇත්තේ එම සමාගම් පාඩු ලබන බැවින් වසා දැමීමට කටයුතු කරන බවයි.
මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව ගණන් බේරා වසා දැමීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.














































