කොවිඩ් -19 රෝගීන් දෛනිකව යළි ඉහළ යමින් පවතින බවත් , දෛනිකව කොවිඩ් රෝගීන් 05 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් , පසුගිය දින 3 තුළ කොවිඩ් මරණ 02ක් වාර්තා වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම මේ දිනවල පවතින ශ්වසන රෝග තත්ත්වයන් සමඟ කොවිඩ් රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කළ යුතු බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ චමිල් විජේසිංහ මහතා ,
“පසුගිය දින කිහිපය තුළ දී කොවිඩ් රෝගීන් යම් ආකාරයක දෛනිකව වාර්තා වීමේ තත්ත්වයක් උද්ගතවෙලා තියෙනවා. විශේෂයෙන් යාපනය රෝහලෙන් වාර්තා වුණා. කොවිඩ් මරණයක් වාර්තා වුණා. ඊයේ දිනයේ හා පෙරේදා දිනයේ කොවිඩ් රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වන සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. මේ තත්ත්වය අපි යම් ආකාරයක අවධානයට ගත යුතු තත්ත්වයක්. විශේෂයෙන් මේ වෙනකොට යම් ආකාරයක රට පුරා ශ්වසන රෝගී තත්ත්වයේ වැඩිවීමක් අපි දකිනවා. මේ අතරේ කොවිඩ් රෝගීන් ඉන්නවා ද කියන කාරණය පිළිබඳ යම් නිරීක්ෂණයක් හා පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මොහොතේ අවධානය යොමුකළ යුතුයි.”














































