ශ්‍රී ලංකාවේ පැරණි විහාර සහ දේවාල විනාශ කරමින් ඉතිහාසය මකා දමමින් බෞද්ධ දර්ශනය විකුර්ති කිරීමට එරෙහිව විවිධ පුද්ගලයන් හඬ නගන අතර එම පුද්ගලයන්ට විරුද්ධව විවිද අයුරින් නීතිමය කටයුතුද සිදු කරන බව දක්නට තිබේ.
කෙසේ වුවද මෙසේ විනාශ කරන පුද්ගලයන් තම බලය සහ මුදල් යොදමින් එසේ විරෝධය දක්වන පුද්ගලයන්ට ද විවිධ කරදර ඇති කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල විහාර සහ දේවාල වලට අයත් දේ විවිධ උපක්‍රම භාවිතා කරමින් විනාශ කරමින් තිබේ.
විශේෂයෙන්ම සිංහල ජාතියට , බුදු දහම සුරක්ෂා කිරීමට නායකයෙකු නොමැති වීමෙන් මෙම තත්වය ඇතිව තිබෙන අතර මව් බිම සහ බුදු දහම මෙන්ම ශ්‍රී දළදා මාලිගාවට මේ වන විට කර තිබෙන විනාශයන් තව දුරටත් සිදු වීම වලක්වා ගැනීම අරමුණු කරගෙන 2021.10. 30 වන දින රාත්‍රී 08.00 ට ශ්‍රී දළදා මාලිඟාව සහ මව්බිම සුරැකීමේ ජාතික සංවිධානය පිහිටුවීමට කටයුතු සංවිධානය කර තිබෙන බව ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය ප්‍රකාශ කර සිටි. ෂූම් තාක්ෂණය ඔස්සේ මෙය පැවැත්වේ.
ඒ අනුව මෙම නවතම සංවිධානය සදහා දෙස් විදෙස් සියලු බෞද්ධ මෙන්ම සියලු ශ්‍රී ලාංකික සියලු පුරවැසියන් සමග එක්ව මව් බිම සුරක්ෂා කිරීමේ ඉදිරි දැක්ම ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ බවද, හෙට දින මෙම සංගමය සදහා සභාපති, ලේඛම් , ඇතුළු ප්‍රධාන නිලධාරී මණ්ඩලය නම් කර ගැනීමටත් ඉදිරි වැඩසටහන් සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.
එක් පැත්තකින් බුදු දහම සුරක්ෂා කිරීමත් , අනෙක් පසින් සියලු ජාතීන් සහ ආගමිකයන්ගේ එකමුතුවෙන් මව් බිම සුරැකීමත් මෙහි අරමුණ බව වැඩි දුරටත් සදහන් කරන ලද අතර දේශයට ආදරය කරන සියලු දෙනාටම, දේශපාලන සහ විවිධ අරමුණු වලින් බැහැරව අනාගත පරපුර වෙනුවෙන් එකතු වන ලෙසද අරාධනා කර සිටි.
වැඩි තොරතුරු සදහා 0717538677 අංකයෙන් සහ එම අංකයෙන්ම වට්ස් ඇප් හරහා තොරතුරු ලබා ගත හැක.
Topic: දළදා මාලිඟාව සහ මව්බිම සුරැකීමේ ජාතික සංවිධානය
Time: Oct 30, 2021 08:00 PM India
Join Zoom Meeting
https://us05web.zoom.us/j/89456157596?pwd=ZThvTmxLVm1BRVBTY2s2dkx4THV3UT09
Meeting ID: 894 5615 7596
Passcode: 5MLy37