නිවසක් තුළින් අධික දුගදක් හමන බවට ලද තොරතුරකට අනුව පරීක්ෂණ කිරීමේදී මහවිහාර පාරේ කුලී නිවසක හුදකලාව පදිංචිව සිටි හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ නරක් වූ මළ සිරුර එම නිවසේ කාමරයක ඇදක් මත තිබී අද (27) සොයා ගත් බව වාර්තා වේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 73 හැවිරිදි එම්.ශාන්ත චිත්‍රාල් සල්ගාදු නැමැති අයෙකි.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් හදිසි මරණ පරීක්ෂණය සිඳු කර ඇති අතර මෙම විනිසුරුවරයා දින තුනකට පමණ පෙර මියයන්නට ඇති බව සැක පල කරන බව සඳහන්.
පශ්චාච් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය පානදුර මූලික රෝහලට රැගෙන යාමට නියමිතව තිබේ.














































