බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා 40කට ආසන්න ප්‍රමාණයක ඩෙංගු කීටයින් හදුනාගත් බවට වාර්තා වේ.
කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව වෙරළ ආරක්ෂක බලකායට අයත් නිලධාරින් විසින් නාවික හමුදා අධිවේගී යාත්‍රා උපයෝගි කරගනිමින් සිදුකළ මෙහෙයුමේදී ඩෙංගු කීටයින් බෝවී ඇති බහු දින යාත්‍රා හදුනා ගත් බව සදහන්.
බේරුවල ,මග්ගොන සහ පයාගල ඇතුළු ප්‍රදේශවල ධීවර පවුල් කිහිපයක් ඩෙංගු රෝගයට ගොදුරු වීම හේතුවෙන් සොයා බැලීමේදී බේරුවල ධීවර වරාය මුල්කර ගනිමින් රෝගය බෝවන බවට නිරීක්ෂණය වී මෙම මෙහෙයුම සිදු කර තිබේ.
ඒ අනුව දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් කඩකළ බහුදින යාත්‍රා හිමි කරුවන් 14 දෙනෙකුට නඩු පවරා තිබේ.














































