දරුවන්ගේ ඩෙංගු ප්‍රතිප්‍රභේදයන් පිළිබදව අධ්‍යනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කර ඇති අතර ඉදිරියේදී ඩෙංගු රෝගය සදහා එන්නත් ලබා දෙන්නේ නම් මෙම දත්තයන් ඉතා වැදගත් වනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා , ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්‍ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































