පසුගිය වසරේ නොවැම්බර් මස 20/20 ලෝක ක්‍රිකට් ශූරතාවලියකට සහභාගී වීම සඳහා සිඩ්නි නගරයට ගොස් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනුනේ ජංගම දුරකථන මෙවලමක් ඔස්සේ සම්බන්ධ කරගත් කාන්තාවක් ඇයගේ නිවසේදී දූෂණය කිරීමක් සම්බන්ධවයි.
ඔහුට විරුද්ධව ප්‍රථමයෙන් චෝදනා 4ක් ගොනුකර තිබුණද පසුව ඉන් 3ක් ඉවත්කර ගැනීමට සිඩ්නි පොලිසිය කටයුතු කලේය .
අනෙක් චෝදනාවට තමා නිවැරදි කරු බවට ප්‍රකාශ කර ඇති අතර ඊට අදාළ නඩු විභාගයක් ඩව්‍නිං සෙන්ටර් අධිකරණයේ වීභාග වන බව වාර්තා වේ.













































