මෙවර IPL ශූරතාවය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙහෙයවූ මහේන්ද්‍ර සිං ධෝනි ආබාධයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ අවසාන මහා තරගයට පෙර ඔහු ආබාධයකට ලක්ව ඇතිමුත් සුළු ප්‍රතිකාර සිදුකරමින් ඔහු අවසන් මහා තරගයට ක්‍රීඩා කර ඇති බවයි.
කෙසේ වෙතත් ඉන්දීය පුවත් වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මහේන්ද්‍ර සිං ධෝනිගේ පාදය සැත්කමකට භාජනය කිරීමට සිදුවනු ඇති බවට වෛද්‍යවරු ඉඟි පළකර ඇති බවයි.
ධෝනිගේ දණහිස ආශ්‍රිතව මෙම ආබාධ තත්ත්වය ඇතිවී තිබෙන අතර කෙසේ වෙතත් වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ධෝනි එළඹෙන සතියේදී පරීක්ෂණ සඳහා මුම්බායි රෝහලක් වෙත ඇතුළත් කිරීමට නියමිත බවයි.













































