හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං ධෝනි මේ දිනවල අමෙරිකාවේ සංචාරක යෙදී සිටින බව වාර්තා වේ.
ඊයේ (07) ඔහු අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය නැරඹීමට ගිය බව සඳහන්.
මේ අතර අද ඔහු ට එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් විශේෂ ආරාධනයක් ලැබී තිබූ අතර ඒ ඔහුගේ ගොල්ෆ් සංකීර්ණයේ ක්‍රීඩා කිරීම සඳහා ය.
ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන වීඩියෝ සහ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වන බව වාර්තා වේ















































