දිවයින පුරා සිටින වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (11) දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජය විසඳුම් ලබානොදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පවත්වන බවයි.
මේ අතර නිසි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුනොකිරීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවට පැමිණිලි කළ බවද කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.














































