දිවයින පුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ජලාශ ගංඟා ඇළ දොළ සිඳී යමින් පවතින අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
මෙම නියඟය ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟටද බලා පා තිබේ.
මහවැලි ගඟ මෙලෙස සිඳී යාම නිසා කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නොහැකි වී ඇති අතරම ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පානීය ජල ගැටළුවක්ද නිර්මාණය වී ඇති බව සදහන්.














































