දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මෙම වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධනය 11.5% කින් පහත වැටී ඇති බව වාර්තා වේ.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (15) නිකුත්කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පෙර වසරට සාපේක්ෂව 0.8%කින් වර්ධනය වී ඇති නමුත් කර්මාන්ත හා සේවා අංශ පිළිවෙලින් 23.4% කින් සහ 5% පහත වැටී ඇති බවයි.














































