මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමග ඩෙංගු,ඉන්ෆ්ලුවෙන්සා ,පාචනය සහ මී උණ වැනි වසංගත රෝග පැතිර යාම ඉහළ මට්ටමක පවතින බවට සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව සදහන් කළ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගම්පහ ,කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වල ඩෙංගු රෝගීන්ගේ වර්ධනය ඉහළ යාමක් දක්නට ඇති බවයි.
එමෙන්ම පාචන රෝගයෙන් ආරක්ෂා වීම සදහා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන ලෙසත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය ද වසංගතයක් දක්වා පැතිර යන බැවින් එය වැළැක්වීම සදහා සෑම අවස්ථාවකදීම මුව ආවරණ පැළදීම ඉතාම වැදගත් බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ අතර මී උණ රෝගීන් වාර්තා වීමද ඉහළ මට්ටමක පවතින අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගින් 2600ක් පමණ වාර්තා වී ඇති බව සදහන්.














































