ජාතික බෝවන රෝග විද්‍යායතනය තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන බවට වාර්තා වේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඩෙංගු වැළදුන දරුවන් 18 දෙනෙකු මෙම ස්ථානයේදී විභාගයට මුහුණ දෙන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගල මහතා පවසා සිටී.
“සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දරුවන් වෙනුවෙන් ජාතික බෝවන රෝග විද්‍යාතනය තුළ විභාග මධ්‍යස්ථානයක් සුදානම් කර තියෙනවා. ඒ අනුව අද දින ආරම්භ වූ විභාගයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි රෝගී දරුවන් 18 දෙනෙක් විභාගයට පෙනී සිටිනවා ජාතික බෝවන රෝග විද්‍යාතනයේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානය තුළ. අපි එම දරුවන් වෙනුවෙන් අවශ්‍ය සියලුම රෝගී සත්කාරක සේවාවන් සපයනවා. විශේෂයෙන්ම උදෑසන රෝගීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමා අපි ඒ සියලුදෙනාම විභාගය සඳහා යොමු කළේ. ඒ එක්කම විභාගය පැවැත්වෙන අතරතුරත් ඔවුන්ව නිසි පරිදි අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට වෛද්‍ය හා අනෙකුත් කාර්ය මණ්ඩල සුදානමින් ඉන්නවා.”















































