එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීමෙන් ඇතිවූ පාරිසරික හා විවිධ ක්ෂේත්‍රයන්ට සිදුවූ හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 06කට අධික වන්දියක් අදාළ නෞකා සමාගම්වලින් අයකර දෙන ලෙස පෙන්වාදෙමින් නියෝගයක් නිකුත් කරන ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ තවත් නඩුවක් ගොනු කර ඇති බව වාර්තාවේ.
එම නඩුව ගොනු කර ඇත්තේ “වන අරණ” පදනම ඇතුළු පාර්ශ්ව 04ක් විසිනි.
එම නඩුවේ වගඋත්තර කරුවන් ලෙස පෙන්වාදී ඇත්තේ ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ශ්‍රී ලංකාවේ නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම සහ එම නෞකාවේ හිමිකරු, රක්ෂණකරු, ක්‍රියාකරු වශයෙන් කටයුතු කරන සමාගම් 08 ක් බව සදහන් වේ.














































