මන්නාරම , පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවසක් වැලීමට ගිය අවස්ථාවේදී පොලිසියේ නිලධාරීන් පිරිසකට පොලු මුගුරුවලින් පහර දී ඇති අතර ඔවුන් තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා වේ.
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් රඳවාගෙන ඔවුන්ට පහර දෙන බවට ලැබුණු තොරතුරක් මත උයිලන්කුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් කුමාර ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් එම නිවස වැටලූ අවස්ථාවේ දී නිවසේ සිටි පියෙකු සහ පුත්‍රයෙකු විසින් වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන් හට පොලු මුගුරු වලින් පහර දී තිබේ. පහර දීමෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු තුවාල ලබා මන්නාරම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
මෙම පහර දීමට සම්බන්ධ පිය පුතු සොයා පොලිස් විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ.














































