බීමතින් නිවසට පැමිණ මවට, දියණියට හා පුතුට හිරිහැර කල පියා හට පුතා විසින් යකඩ පොල්ලකින් පහර දීම හේතුවෙන් සිදු වූ මරණයක් පිලිබදව පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මිය ගිය පුද්ගලයා පසුගිය 14 වනදා රාත්‍රියේ බීමතින් නිවසට පැමිණ බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන බිරිඳට යකඩ පොල්ලකින් පහරදීමට උත්සාහ කර තිබේ.
යකඩ පොලු පහරින් මව බේරා ගැනීමට මියගිය පුද්ගලයාගේ පුතා සහ දියණිය රණ්ඩුව අතරට ගොස් යකඩ පොල්ල පියාගෙන් උදුරාගෙන පුතා පියාගේ හිසට පහර දී ඇති බවයි සදහන් වන්නේ.
පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ පියා පොපොළොන්නරුව රෝහලට ගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව පැවසේ.
ඝාතනයට සම්බන්ද වයස අවුරුදු 16ක් වන තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































