අද (02) දින උදෑසන නිට්ටඹුව වේයන්ගොඩ මාර්ගයේ පදිකමාරුවකදී පුද්ගලයකු ලොරි රථයක ගැටී මියගොස් ඇති බව වාර්තාවේ.
විද්‍යානන්ද විහාරස්ථානය ආසන්නයේ පදික මාරුවේදී මෙම පුද්ගලයා ලොරි රථයේ ගැටී මීටර් දහ තුනකටත් වඩා වැඩි දුරකට විසිවී ගොස් බරපතල ලෙස තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත්කොට ටිකවෙලාවකින් මියගොස් තිබේ.
මෙලෙස මෙම අනතුරින් මියගොස් ඇත්තේ නිට්ටබුව ප්‍රදේශයේ පදිංචි ආරියසේන නමැති 75 හැවිරිදි තිදරු පියෙක් බව වාර්තාවේ.
ලොරි රථ රියදුරාට රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කර තිබේ.














































