කුරුළු උණ වෛරසය මෙරටට ඇතුල් වීම වැළැක්වීම උදෙසා ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සාමාන්‍ය පරිභෝජනයට වෙළඳසැල් තුළ අලෙවිය සඳහා අවසර හිමි නොවූ අතර එම බිත්තර බේකරි නිශ්පාදන සඳහා පමණක් ලබා දීමට සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. නමුත් මෙලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොගයක් මාතර – වල්ගම ප්‍රදේශයේ දී වෙළඳසැළක් තුළ තිබී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගත් බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව ද සඳහන්.
මෙම බිත්තර තොගය හමුවූ වෙළඳසැලේ හිමිකරුගේ සහෝදරයෙකුට බේකරි නිෂ්පාදන ආයතනයක් පවතින බවත් , ඒ හරහා අදාළ බිත්තර තොගය වෙළඳසැල් වෙත ලැබුණු බවට සැක පළ කරයි.













































