මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරකට අනුව ගජමුතු දෙකක් රුපියල් කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීම සඳහා ගැනුම්කරු එනතුරු මහනුවර නගරයේ රැඳී සිටිය දී සැකකරුවන් සිව් දෙනෙක් ගජමුතු සමඟින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය , අලව්ව සහ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 – 33 ත් අතර පසුවන අයවලුන් වන අතර මොවුන් අද (27) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව සදහන්.














































