චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේදී ඊයේ (12) දින ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව වාර්තා වේ.
මෙම ඉන්ධන දීමනාව දිවයින පුරා ධීවරයන් 28,000 කට ආසන්න ප්‍රමාණයකට හිමි වනු ඇති.
ඒ අනුව එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 ක් නොමිලේ ලබා ගත හැකි බව සදහන්.
ඩීසල් වශයෙන් ලැබුණු මෙම ඉන්ධන පරිත්‍යාගය එක්දින යාත්‍රා හිමියන්ගේ අවශ්‍යතාවය පරිදි භූමිතෙල් බවට පරිවර්තනය කිරීමට කටයුතු කර තිබේ.
එහිදී අදහස් දක්වූ රාජ්‍ය අමත්‍යවරයා,
“ඉතාම දුෂ්කර ආර්ථික වටපිටාවක් තුළ වුණත් අපි ධීවර ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙනවා. අපි මේ වැඩසටහන හරහා දෙවන අදියරයේ දී භූමිතෙල් ලීටර් 4,250,000ක් (හතළිස් දෙලක්ෂ පනස් දහසක්) ආසන්න ප්‍රමාණයක් බෙදා දීමට කටයුතු කරනවා. මෙම දෙවන අදියරේදී කළුතර දිස්ත්‍රික්කයේ විතරක් යාත්‍රා හිමියන් 450ට අධික සංඛ්‍යාවක් මෙම දීමනාව ලබනවා.”














































