අයවැය යෝජනා තුලින් රාජ්‍ය සේවකයන්ට දිමනා ලබා දීමට යෝජනා කර තිබුණද වතුකම්කරු ජනතාවගේ වැටුප් සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් නොකිරිම කනගාටුවට කරුණක් බවට සමස්ථ ලංකා සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
“මෙවර අයවැය යෝජනා තුලින් රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දිමනාවක් ලබා දිමට යෝජනා කර තියෙනවා. ඒත් වතු කම්කරුවන් සදහා එක රුපියලක් වැඩි කිරිමට කිසිදු ප්‍රකාශයක් කර නැහැ.
අද රාජ්‍ය සේවය ගත් විට රාජ්‍ය සේවයේ වැඩි පිරිසක් නිසි ලෙස සේවය නොකරයි. වැටුප් ලබා ගනී. ඒත් මේ වතු කම්කරුවන් එහෙම නොවෙයි මේ පිරිස මේ රටට විදෙස් විනිමය උපයන මේ රටේ තේ නාමය ලොවට ගෙන යන පිරිසක්.
අද රට තුල පවතින ආර්ථික ප්‍රශ්න මත මේ වතුකම්කරු ජනතාව දැඩි ප්‍රශ්න මත ජිවත් වෙන්නේ මේ අයට අද ලැබෙන වැටුප මත නිසි ලෙස කන්නවත් බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ.
මේ අයට නිසි ලෙස ජිවත් විමට තරම් වැටුපක් නොලැබිම හේතුවෙන් මේ අයගේ දරුවන්ට නිසි ලෙස පෝෂණය ලබා දීමට නොහැකි තත්ත්වයක් පැවතීම මත මේ වන විට වතුකරයේ දරුවන් මන්දපෝෂනයට වැඩි වශයෙන් ගොදුරු වෙනවා එමෙන්ම මෙම තත්ත්වයන් මත මේ වතුකර දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිමේ අවදානමක් පවතිනවා.
මෙම තත්ත්වයන් මත අනාගතයේදි මේ වතුකර දරුවන්ගේ ඉරණම කුමක් වේද? යන්න දැඩි ප්‍රශ්නයකි. මෙම තත්ත්වයන් තුලින් මෙම පිරිස් බේරා ගැනිමට රජය මැදිහත්ව යම් දෙයක් කළ යුතුයි.
වතුකම්කරු ජනතාව නියෝජනය කරන සමහර දේශපාලකන් වතු කම්කරු ජනතාවට අය වැය තුලින් නිසි සහනයක් නොමැති වුවත් ඔවුන්ගේ පැවැත්ම මත අය වැය හොදයි හොදයි කියනවා එත් මේ අය මැදිහත්ව හෝ මේ වතුකම්කරුවන්ටද ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට යම් දිමනාවක් ලබා දිමට පියවර ගත යුතුයි.”














































