බගවන්තලාව සෙන්ට් මේරිස් විදුහලේ ඉගෙනුම ලබන සිසුවියකට අතවර කිරිමට තැත් කිරීමක් සම්බන්ධයෙන් එම විදුහලේම ගුරුවරයකු සැක පිට බගවන්තලාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 15 වන දින පාසල නිමවීමෙන් පසු මෙම සැකකාර ගුරුවරයා එම සිසුවියට සවස තම නිල නිවසට පැමිණෙන ලෙස දන්වා ඇති බවයි.
පසුව එම සිසුවිය සැකකාර ගුරුවරයාගේ නිල නිවසට යාමෙන් පසු එම ගුරුවරයා තමන්ට ලිංගික අතවර කිරිමට තැත් කල බවට කරන ලද පැමිණිල්ලක් මත එම ගුරුවරයා සැක පිට අත් අඩංගුවට ගත් බවත් එකී සැකකාර ගුරුවරයා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා පවසා තිබේ.
එමෙන්ම අදාල සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා බගවන්තලාව රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බවද සදහන්.
මේ පිළිබඳව බගවන්තලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.














































