නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිඳු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
ක්‍රීඩා අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ඒ සඳහා සියලුදෙනාට තමන් ආරාධනා කරන බවද ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසා තිබේ.
“මේ වගකීම ඉතාමත් වැදගත් වගකීමක් වෙනවා. මොකද මේ වෙලාවේ ක්‍රීඩාව අපි සියලුදෙනාම ආදරය කරන තැනක්. ඒ වගේම මේ නීති වෙනස් කිරීමේදී අනුගමන කරන්න ඕනේ ක්‍රියාපිළිවෙත් කිහිපයක් තිබෙනවා. මම හිතනවා මම කාටවක් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමතී අර්ජුන රණතුංග මහතාත්, ඇත්ත වශයෙන්ම සියලුදෙනා එකතුවෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් පිරිසිඳු කරන්න. එහෙමත් නැතිනම් මිනිසුන්ගේ බලාපොරොත්තුව තියෙන ක්‍රිකට් ක්‍රීඩාව නැවත ලංකාවට ගෙන්න උත්සහා කරනට ඕනේ. ඒ වගේම ICC තහනම ඉතාමත්ම වැදගත් වෙනවා පුළුවන් තරම් ඉක්මනට දින කිහිපයක් ඇතුළත නැවත් වතාවත් හරවාගෙන.”













































