මුලතිව් , කොක්කුතුඩුවායි මිනී වළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කර ලෙස සහ අතුරුදන්වූවන්ගේ ගැටලුවලට නිසි විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් උතුර නැගෙනහිර පළාත්වල අද (28) හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ .
මේ සඳහා යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය සහය දෙන බවට ප්‍රකාශ කර ඇති නමුත් වවුනියාව දිස්ත්‍රික් වෙළඳ සංගමය සහ පෞද්ගලික බස් සංගම් මීට සහය දෙන්නේ ද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බව සඳහන් .














































