පොල්පිතිගම , ඉරිමින්නාගම ප්‍රදේශයේ ඊයේ (26) අලුයම මුණුපුරෙකු විසින් තම මිත්තණියට පහර දී ඇති අතර පහර කෑමෙන් බරපතළ තත්ත්වයෙන් සිටි මිත්තණිය රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
සැකකාර මුණුපුරා මිත්තණියට පහර දී ඇයගේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂයක මුදලක් සොරා ගෙන පලා ගොස් තිබේ.පහර කෑමෙන් බරපතළ තත්ත්වයෙන් සිටි මිත්තණිය පොල්පිතිගම රෝහලට ඇතුළත් කර අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක් වන අතර සිද්ධියට සම්බන්ධ සැකකරු 28 හැවිරිදි අයෙකි.ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර කාන්තාවගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.














































