2008 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල් 22ක ආර්ථිකය ගොඩ නැංවීම සදහා චීනය විසින් ඩොලර් බිලියන 240ක් වැය කර ඇති බවත් එම ණය ලබා ගත් රටවල් විසින් නැවත චීනයට ණය ගෙවීමේ දී දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් ගවේෂණාත්මක වාර්තාවක් විසින් වාර්තා කරනු ලබයි.
ගවේෂණාත්මක වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ එම රටවල ආර්ථිකය ගොඩ නැංවීම උදෙසා 2016 වර්ෂයත් 2021 වර්ෂයත් අතර කාලය තුළදී නැවතත් චීනය විසින් ණය ලබා දී ඇති බවයි. එම ණය ලබා දුන් රටවල් අතරේ ශ්‍රී ලංකාව ද වන බව රොයිටර් වාර්තාවක් සදහන් කරයි.














































