පානදුර වෑකඩ ප්‍රදේශයේදී පසුගිය මැයි 31 වනදා තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (13) කතරගම බස් නැවතුම්පොලේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පානදුර ඇගලුම් කර්මාන්තශාලාවක් ඉදිරිපිටදී තරුණයෙකුට කඩුවකින් පහර දී ඇති අතර පහර කෑ තරුණයා තුවාල ද සමග ඇගලුම් කම්හලේ භූමිය වෙත දිවගොස් තිබූ අතර ඝාතකයා එහිදී ද තරුණයාගේ හිස ප්‍රදේශයට දරුණු පහරවල් කිහිපයක් එල්ල කර ඇති අතර එහිදී ඔහු එම ස්ථානයේම මියගොස් තිබූ බව සදහන්.
මෙලෙස මියගොස් ඇත්තේ මෝදරවිල තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.














































